මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

    පෙබරවාරි 10, 2016

    ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.

     

    ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කරගන්නේ නම් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දන්වා තිබෙන බව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැන්වීය.

     

    ථේරවාදී භික්ෂු කතිකාවක්(ලියාපදිංචි කිරීමේ )සඳහා විධිවිධාන  සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 12 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

     

    ''ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශවයන්ට අදාළව කතිකාවක් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද, සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින් ම එකී භික්ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්වීම සඳහා ද, යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට දණ්ඩන පැනවීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya