මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිවිටෙක ජාත්‍යන්තර යුද අධිකරණයක් පිළිගන්නේ නෑ

    ජනවාරි 28, 2016

    කිසිවිටෙක ජාත්‍යන්තර යුද අධිකරණයක් පිළිගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    පොලිසිය සම්බන්ධයෙන් සමාජයේ පවතින විවාද සම්පන්න තත්ත්වය සහ පොලිස් නිධාරීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කළ අතර එයට පිළිතුරු දෙමින්කළ ප්‍රකාශයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.


    අපි ජිනීවා යෝජනාවේ ඉන්නවා. මම රෝම ප්‍රඥප්තිය අත්සන් කළේ නෑ.අපේ ව්‍යවස්ථාව ඇතුළේ පරමාධිපත්‍ය අයිති ජනතාවටයි.ඒ බලය පාර්ලිමේන්තුවේ සිට ක්‍රියාත්මක කරනවා, අධිකරණය තුළින්.අපේ අධිකරණය පැරණි එකක්.ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්.එය වෙනස් කරන්න බෑ.එය පිළිගෙන වැඩකරන්නේ.


    අපිට ලංකාවේ අය එක්ක හුගක් දේ කරන්න පුළුවන් කියලා.අපි සාකච්ඡා කරලයි තීරණය ගන්නේ.විදේශ සහාය මීට පෙරත් ගත්තා.පරණගම කොමිසමට සහාය වීමට විදේශ අය තිදෙනෙක් දැම්මා. මේ අය බලාගෙන ඉන්නේ ආණ්ඩුව වැටෙයිද කියලා.එය සිදුවන්නේ නෑ.

    හැමදාම දඬයමේ ගිය අය, මට ගෙදර යන්න කිව්ව අය,හිරවෙලා ඉන්නේ.පොලීසියේ අඩුපාඩුකම් හදමු.අධිකරණයේ අඩුපාඩුකම් හදමු.මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අයට ශක්තියක් දෙන්න.මේ සභාව තිබෙන්නේ මේවා ගැන සාකච්ඡා කරන්නයි.අපිටත් තිබෙනවා පොලීසියේ ප්‍රතිසංවිධානය ගැන කතා කරන්න.ඒත් දඬයමේ යන එකට ඉඩ දෙන්න නොහැකි  යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya