මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසිය වරදක් කර ඇත්නම් වහන්න වුවමනා නෑ-අගමැති

    ජනවාරි 28, 2016

    පොලීසිය වරදක් කර ඇත්නම් වහන්න වුවමනා නෑ. අපි ආවේ නීතිය රජකරවන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    පොලිසිය සම්බන්ධයෙන් සමාජයේ පවතින විවාද සම්පන්න තත්ත්වය සහ පොලිස් නිධාරීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

     


    එම විවාදයේ දී අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මේ සිද්ධිය උසාවියට තමයි බාර දී තිබෙන්නේ.සත්‍ය කුමක්දැයි බලන්න තියෙන්නේ.පොලීසිය කියන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට තිබෙන ආයතනයක්.ළඟ ප්‍රශන් ගණනාවක් පැන නැගී තිබුණා.ඇඹිලිපිටිය සිද්ධිය එකක්.අනෙක කොටදෙණියාව.උසාවියේ මේ ගැන ක්‍රියාත්මක වෙනවා.

     

    පොලීසිය කොහේ හෝ වරදක් කර තිබෙනවා නම්,ඒවා වහන්න වුවමනා නෑ.අපි සටන් කර ආවේ නීතිය රජකරන්නයි.නීතිය ඇතිකරන්නේ පොලීසිය විතරක් නොවේ.උසාවිය තිබෙනවා.අධිකරණය තිබෙනවා.මාධ්‍ය තිබෙනවා.ඒ ආයතන තුනම අරගෙනයි කරන්න තියෙන්නේ.

     

    නීතියේ ආධිපත්‍ය පටන්ගත්තේ ලංකාවෙන්.වසර තිහක් යන්න පෙර පොලීසිය රටට ගෙනාවා.මාධ්‍යයත් පටන් ගත්තා. මේවා එකට යන්න තියෙන්නේ.මේ ආයතන තුන එකට වැඩ කිරීම අවශ්‍යයි.රාජපක්ෂ රෙජීමය මේ ආයතන තුනම නැති කළා.අධිකරණය,පොලීසිය සහ මාධ්‍ය නැති කළා.දැන් ඒවා හදාගෙන යන්න තිබෙනවා.කාරක සභා ක්‍රමය ඇති කළාම පොලීසිය ගැන කතා කරන්න තියෙනවා.පොලීසිය නවීකරණය කරන්න තියෙනවා.

     

    දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසියාවේ හොඳම පොලීසිය තිබුණේ ශ්‍රී ලංකාවේ.මොකක්ද අපිට වුණේ. මේවා නැති කළා.මේවා ගැන හොයන්න තියෙනවා.පොලීසියේ අඩුපාඩු හොයන්න තියෙනවා.අධිකරණය හා පොලීසිය දැන් නිවැරැදි කරගෙන යනවා.අපිට අලුතින් අධිකරණ, පොලීසි ගේන්න බෑ.ජනවාරි 08 වැනිදා පොලීසියේ බහුතරයක් එකතුවෙලා මෙය එපා කිව්වේ.පොලීසිය හදන්න උදව් කරමු.පොලීසියේ වැරදි නැති කරන්න ඕන.අපෙත් අඩුපාඩු තිබෙනවා.අපි ඔක්කෝම නිවැරදි කරගෙන යමු.පොලීසිය දඬයම් කරන්න යන්න එපා.මේ දඬයම කරන්නේ මාධ්‍යයි
    යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya