මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවා- අගමැති

    ජනවාරි 28, 2016

    ඉන්ධන මිල සම්බන්ධයෙන් හා ඉදිරි රැකියා වැඩසටහන් පිළිබඳව ගන්නා පියවර කුමක්දැයි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

    යුරෝ කලාපයේ අප බලපොරොත්තු වූ ලෙස ආර්ථිකය තවමත් ශක්තිමත් වී නෑ.ඒ දුර්වලකම බලපෑවා චීනයට.අපි බැලුවේ ලංකාවේ ආර්ථිකයට කොහොමද,එයට මුහුණ දෙන්නේ කියලා.අපිට අයි.එම්.එෆ් ප්‍රධානියා හමුවුණා.අපි භාණ්ඩාගාරය සමඟ කතා කරගෙන යනවා, අපි ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද කියලා.

     

    මේ පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් සභාවට කරන්නම් ඉන් පසු වාද කරමු.චීන ආර්ථිකය දීර්ගකාලීනව ප්‍රශ්නයක් නෑ.කෙටිකාලීනව මෙයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය.මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාට පසුව සභාවේ වාදයකට ඇතුළත් කරමු.

    රැකියා ලක්ෂ දහය ලබාදීම පිළිබඳවත් බලන්න තියෙනවා.ශ්‍රී ලංකාවේ විශාලම අස්වැන්න මේ කන්නයේ දී ලැබෙන්නේ.පසුගිය කන්නේදීත් විශාල අස්වැන්නක් තිබුණා.ඉදිරි රැකියා වැඩසටහන් ගැනත් ප්‍රකාශ කරන්නම්, ගන්නා පියවර කුමක්ද කියලා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya