මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ 31 වැනි සංවත්සර උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජනවාරි 28, 2016

    ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ 31 වෙනි සංවත්සර උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (27) පෙරවරුවේ පැවැත්විණි.

    රෝහල් පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

     

    වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණඩල සාමාජිකයින් වෙනුවෙන් ඇගයීම් තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ නිල වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    අනතුරුව සැමරුම් උත්සවය ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටක සංවර්ධනයේ ප‍්‍රධාන මිනුම්දණ්ඩ වන්නේ එම රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය බවයි.

    පුරා වසර 31 ක කාලයක් ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහල මෙරට ජනතාව වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගය කළ ජනාධිපතිතුමා තවදුරටත් එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා රෝහල් කාර්ය මණ්ඩලය වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

    රෝහලේ සියලූ අඩු පාඩු සම්පූර්ණ කරදීමට රජයක් ලෙස ලබාදිය හැකි ඉහළම සහාය ලබාදෙන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජපන් රජය විසින් 1979 දී ත්‍යාගයක් ලෙස මෙම රෝහල ශී‍්‍ර ලංකාවට ලබාදුන් අතර එකල එහි වටිනාකම රුපියල් මිලියන 850 ක් බව පැවසේ.

    ඇදන් 1001 කින් ආරම්භ වූ මෙම රෝහල 1984 සැප්තැම්බර් 17 වන දින ශී‍්‍ර ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ජපාන පාර්ලිමේන්තුවේ සහකාර විදේශ අමාත්‍ය භෂිමත් ටියු කිගතාවා මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

    අද වන විට රෝහල සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක් බවට පත්ව ඇති අතර දිවයින පුරා ජනතාව වෙනුවෙන් පුළුල් සේවාවක් සිදු කරමින් සිටී.

    සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු ආරාධිත පිරිසක්ද ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න යන මහත්වරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya