මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වැඩසටහනට ජනපති එක්වෙයි

    ජනවාරි 27, 2016
    ජාතික ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන සතියට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වැඩසටහන අද (27) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ ප‍්‍රකාශය අතිගරු ජනාධිපතිතුමන් වෙත 
    පිළිගන්වන ලද අතර, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් විසින් රාජ්‍ය සේවකයින් සඳහා වන ශරීර සුවතා අත්පොත හා සංයුක්ත තැටිය අතිගරු ජනාධිපතිතුමා වෙත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිළිගැන්වීම සිදු විය.
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය, පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, රෝහල්වලට ඇතුළත් කරන රෝගීන්ගෙන් 68%ක් බෝ නොවන රෝගවලට ලක්වූවන්. ඊට පිළියමක් ලෙස ශාරීරික සුවතා වැඩසටහන් ඉතා වැදගත්. ක‍්‍රීඩා අමාත්‍යාංශය රට පුරා ආරම්භ කර ඇති මෙම ශරීර සුවතා සතියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙනවා යැයි පැවසී ය.
    බෝනොවන රෝග පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරත වනවා. එම වැඩපිළිවෙළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා  ආරම්භ කිරීමට උත්සාහ කළත් එය ක‍්‍රියාත්මක කිරීමට එතුමාට හැකි වුයේ නැහැ. ලබන 30 වැනිදායින් පසු මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා යැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අනුර ජයවික‍්‍රම, ක‍්‍රීඩා අමාත්‍යා ලේකම් ආචාර්ය ආර්. එම්. බී දිසානායක යන මහත්වරුන් හා ක‍්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya