මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳ ප්‍රමිතියෙන් යුතු දේශීය ටෙලිනාට්‍ය නිෂ්පාදනය කිරීමට හොඳ වාතාවරණයක් සැකසීම අවශ්‍යයි

    ජනවාරි 27, 2016

    හොඳ ප්‍රමිතියෙන් යුතු දේශීය ටෙලිනාට්‍ය නිෂ්පාදනය කිරීමට හොඳ වාතාවරණයක් සකසන්නට සිදු වී තිබෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධයක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කළේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    ටෙලි නාට්‍ය විකාශනය සඳහා අවස්ථාව ලබාගැනීමේ දී සල්ලි අල්ලස් හා නිළි අල්ලස් ලබාගත්තා කියන සිද්ධියට පරීක්ෂණයක් සිදුවනවාද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

     

    චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙනවා.අපි බලයට පත් වුණාට පසු ඔය චෝදනා නෑ.ඇමැතිවරු අත ගහන්නේ නැතිව විද්වත් ස්වාධීන මණ්ඩලයකින් තීරණ ගන්න අවස්ථාව ලබාදී තිබෙනවා.කටකතා තිබෙනවා.අපි විනිවිදව කටයුතු කරන්න ලෑස්තියි.

     

    ටෙලිනාට්‍ය ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් විමසූ පැනයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා පවසා සිටියේ ඒ පිළිබඳව කටයුතු කළ හැකි බවත් ඒ සම්බන්ධයේ තිබෙන යෝජනා ලබාදෙන ලෙසත් ය.

     

    බොහෝ නාලිකා කොරියානුකරණය හා ඉන්දියානුකරණය වී ඇතැයිද එම කාල සීමාව තුළ දේශීය නාට්‍ය සඳහා අවස්ථාව සළසා දිය හැකිදැයි විමසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,එය සාකච්ඡා කළ හැකි බවත් දේශීය නිෂ්පාදනත් හොඳ ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන්න,හොඳ වාතාවරණයක් හදන්න සිදු වී තිබෙන බවත් එය සිදු කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya