මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය පසුපස යනවාට වඩා ආයෝජන පසුපස යෑම අවශ්‍යයි- මුදල් අමාත්‍ය

    ජනවාරි 27, 2016

    අපට පුළුවන් නම් සෘජු ආයෝජන ගෙන එන්න,එයයි රටේ සාර්ථකත්වය.ණය පස්සේ යනවාට වැඩිය ආයෝජන පසුපස යැමයි අවශ්‍ය වන්නේ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකශ කළේ,මුදල් පනත්වලට අදාළ නියමයන් පිළිබඳව විවාදය ආරම්භ කරමිනි.


    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් කීපයක්,රේගු ආඥාපනත යටතේ නියෝගයක්, දේශීය ආදායම් පනත යටතේ යෝජනාව විවාදය අද (27) පාර්ලිමේන්තුවේ ආරම්භ විය.


    රටේ දේශීය ගොවියා ආරක්ෂා කිරීම කර තිබෙනවා.රේගුව තුළින්,විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ තුළින් යම් භාණ්ඩ කීපයක් ආරක්ෂා කරගෙන යනවා.ගිය වසරේ සියයට 15%යි දේශීය නිෂ්පාදන තිබුණේ.සියයට 85%ක් ආනයනය කර තිබෙනවා.ලොකුවට පසුගිය ආණ්ඩුව කිව්වා අරක දෙනවා, මේක දෙනවා කියලා.අපි මෙය ආරක්ෂා කරගෙන යන ගමන තුළින් අපට පේනවා,ගොවියා දිරිමත් වෙලා,වාර්තාගත අස්වැන්නක් වී සම්බන්ධයෙන් ඇතිවී තිබෙනවා.

     

    අප ඉදිරිදැක්මක් සහිතවයි කටයුතු කරගෙන යන්නේ.ඒ නිසා අවශ්‍ය වේලාවට ජීවන වියදම මුල්කරගෙන,ගොවියා ආරක්ෂා කරගෙන රටේ විදේශ විනිමය නිකරුණේ රටින් පිට යෑම වෙනුවට මේ රටේ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කිරීමට කටයුතු කරගෙන යනවා.

     

    රටේ දේශීය නිෂ්පාදනය වැඩි කළොත් එයට යම්කිසි සහනාධාරයක් ලබාදීම මිසක් නිකරුණේ ආනයනය කර වෙළඳාම කිරීම ඔබින්නේ නෑ. හැකිතරම් දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට කටයුතු කරමින් යනවා.


    රටේ අමාරු ආර්ථික තත්ත්වයක් තිබෙන අවස්ථාවක අපි ඉතා ආරක්ෂාකාරි ගමනක් ගෙනියන්නේ.ගිය ආණ්ඩුව ණය ගත්තා. ඒ ණය ගණනට ආදායමක් උපයන්නේ නෑ. අපට වෙලා තියෙන්නේ එදා ගත් ණය ගෙවන්නයි.

     

    ලෝක ආර්ථික සමුළුවේදී රැස්වීම් 63ක් පවත්වන්නට හැකි වුණා. විශාල ආයෝජකයන් රැසක් එන්න කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

     

    අපි යම්කිසි මූලධර්මයක් අනුව කටයුතු කරගෙන යනවා.මේ රටේ එදා නොතිබුණු මානව අයිතිවාසිකම් නැවත සුරක්ෂිත වී තිබෙනවා.ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරනවා.මේවා පේන්න තිබෙන නිසා මෙතෙක් දුර නොසිටි නව ආයෝජන ගලා එන්න පටන් ගත්තේ.

     

    මේ රටින් ගිය කොම්පැනි නැවත රටට එන්න අපි සමඟ කතා කර තිබෙනවා. අපිට ණය අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය රැකියා අවස්ථා ඇතිකරන්නයි.අපට පුළුවන් නම් සෘජු ආයෝජන ගෙන එන්න,එයයි රටේ සාර්ථකත්වය.ණය පස්සේ යනවට වැඩිය ආයෝජන පසුපස යැමයි අවශ්‍ය වන්නේ. මෙයයි අපි ඇතිකර තිබෙන්නේ, අපේ ඉදිරි දැක්ම සහිතව.අපේ අයවැය නිර්මාණය වුණේ අද හෙටට නොවේ,අවුරුදු පහළොවක් විස්සක් ඉදිරියටයි යැයි අමාත්‍යවරයා
    පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya