මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ තවදුරටත් - අමාත්‍ය සාගල රත්නායක

    ජනවාරි 27, 2016
    ඇඹිලිපිටියේ සාදයක් අතරතුර පොලීසිය සමග ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බැවින් කිවහැක්කේ දැනට අනාවරණය වී ඇති කරුණු පමණක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද(27) ප්‍රකාශ කළේය.

    පසුගිය දිනෙක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැතිවරයා අදාළ ස්ථානයේ ගැටුමක් සිදුවන බවට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාට සාමාන්‍ය ජනයාගෙන් ඇමතුම් ලැබී නැති බවත්, පොලීසියේ පිරිසකට පහරදෙන බවට පොලිස් නිලධාරීන් විසින්ම ඔහුට දුරකතන ඇමතුම් ලබාදී ඇති බවද කීය.

     

    පොලිස් නිලධාරීන් පැමිණ මත්පැන් ඉල්ලූ බවට කියැවෙන්නේ මරණයට පත්වූ පුද්ගලයාගේ බිරිඳගේ සාක්ෂියෙන් පමණක් බවද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැති සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya