මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම වසර 2017 දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා

    ජනවාරි 27, 2016

    විදේශගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමේ වැඩසටහන වසර 2017 දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

    අමාත්‍යවරිය අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    විදේශගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමේ වැඩසටහන වසර 2017 දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් තීරු බදු සහන යටතේ වාහන බලපත්‍රයක් ලබාදීම කෙරෙහි සාකච්ඡාවක් සිදු කර නැතැයි පැවසූ අමාත්‍යවරිය වෘත්තීය තත්ත්වය සළකා බලා ඉදිරියේ දී ඒ පිළිබඳව අවධානය යොමු කරන බව පැවසී ය.

    විදේශගතවන ශ්‍රමිකයන් පුහුණු කිරීමේ දින වෙනස් කිරීමක් සිදු කර ඇති බවද අමාත්‍යවරිය පැවසුවාය.

    තවද, ජපානය හා ඉතාලිය යන රටවල රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් වංචා සහගත ව්‍යාපාර සිදුවන බව පැවසූ අමාත්‍යවරිය, රජය මැදිහත්වීමෙන් එවැනි රැකියා සඳහා එකඟතාවන් ඇතිකරගෙන නොමැති බවත්
    ඉතාලි රජය හා ජපාන රජය අතර විදේශ ශ්‍රමික හුවමාරු වැඩසටහන් පිළිබඳව කිසිදු එකඟතාවක් ඇති කරගෙන නැතැයි ද  පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya