මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරකමින්,කොමිස්වලින් තොර ආයෝජන සිදු කරන්නට අද හැකියාව ලැබී තිබෙනවා

    ජනවාරි 26, 2016

    ශ්‍රී ලංකාවේ කෙරෙන ආයෝජන හොරකමින්, කොමිස්වලින් තොරව සිදු කරන්නට අද හැකියාව ලැබී තිබෙ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    සාම්පූර් බලාගාරය හැකි ඉක්මනින් ම ආරම්භ කර රටට අවශ්‍ය කරන බලශක්තිය නිෂ්පාදනය කරනවා.ජාත්‍යන්තර සම්මුතීන් පාර්ලිමේන්තුව ලවා පසුව අනුමත කරගන්නට වුවමනාවක් තිබුණේ නෑ,රාජපක්ෂ  ආණ්ඩුවට.විදේශ ප්‍රතිපත්තිය,ආර්ථික සංවර්ධනය පිළිබඳව වු නොසැලකිල්ල නිසා, ඔවුන් විශ්වාස කළේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය නොවේ.

     

    ජාත්‍යන්තර ගිවිසුම් සකස් කළේ, යහපාලන ආර්ථිකයක් සඳහා නොවේ. කොමිස් මත පදනම් වූ ජාවාරම් ආර්ථිකයක් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියයි.


    මේ රටේ ජනතාවට ආදරය කරන පිරිසිදු ප්‍රතිපත්තියක් තිබෙන දූෂණය ප්‍රතික්ෂේප කරන රජයක් නිසා ලෝකයේ හොඳම සමාගම් අපේ රටට එන්නේ.

     

    ලෝක ආර්ථික සමුළුවේ දී ලෝක දැවැන්ත සමගම්වල සභාපතිවරු, අගමැතිතුමා සමඟ සාකච්ඡාකළා. ආයෝජනයන් පිළිබඳව බරපතල ලෙස සළකා බලන්නට එකඟ වුණා.

     

    ශ්‍රී ලංකාවේ කෙරෙන ආයෝජන හොරකමින්, කොමිස්වලින් තොරව සිදු කරන්නට අද හැකියාව ලැබී තිබෙනවා.අපේ රටට ගැළපෙන ආර්ථික මොඩලයක්, සමාජ ආර්ථික වෙළඳපොළක් පිළිබඳව අපි දැවැන්ත පියවර ගණනාවක් ගෙන තිබෙනවා.

     

    අපි පුනර්ජනනීය බලශක්තිය භාවිත කර සුළං හා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයට කටයුතු කරනවා.පරිසර හිතකාමි අඩුමිල විදුලි උත්පාදනයට කටයුතු කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya