මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුහද විදේශ ප්‍රතිපත්තියක් තුළින් රට ඉදිරියට ගෙන යාම කළ යුතුයි

    ජනවාරි 26, 2016

    සුහද විදේශ ප්‍රතිපත්තියක් තුළින් රට ඉදිරියට ගෙන යාම කළ යුතු බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය. අසාර්ථක රජයක් ලෙස ඉන්නවාද නැතිනම් වෙනත් විකල්ප සොයා බලනවාද යන්න විමසිය යුතුයි. පසුගිය රජය සංවර්ධනයට ණය ගත්තා. දියුණුවන රටවල්වල ප්‍රතිපත්තිය ණය ලබාදීමයි. ණය ලබාගැනීමේ උපරිමයට අප පැමිණ තිබෙනවා. එකම විකල්පය විදේශ ආයෝජනයි.

     

    චීනයෙන් ආධාර ගත්ත එක හරියට හරි. එහි යම් යම් අඩුපාඩු තිබුණා. අපිත් කැබිනට් එකේ හිටියා. එදා කැබිනට් එකේ ඉදලා දැන් විවේචනය කරන්න බැහැ. ඒ අවස්ථාවේ චීනයෙන් තමයි ආධාර ගැනීමට තිබුණේ.

     

    ආර්ථික සමුළුවේදී අපේ අසල්වැසියන් ගැන සෝරෝස් මහතා සතුටින් කතා කළා. මේ රටවල් සම්පූර්ණයෙන් විදේශ ආයෝජන මතයි දියුණු වුණේ. රතු කොඩියෙන් ප්‍රාග්ධනය හොයන්න බැහැ. විදේශ ආයෝජන වලින් තමයි දැන් රතු කොඩි වනන්නේ.

     

    විදේශ ආයෝජන අත්‍යාවශ්‍යයි. ඉරානය අමෙරිකාව අතර තිබූ ප්‍රශ්නය අපියි අමෙරිකාවයි තිබූ ප්‍රශ්න වගේද? අපි ඉරානය සමඟ කොතරම් සම්බන්ධ වී සිටියද? අපේ තේ ඇතුළු නිෂ්පාදන යැව්වා. අද අමෙරිකාව ඉරානය බලවත් සම්බන්ධයක් ගොඩනගා තිබෙනවා. අපිටත් එය බලපානනවා. මේ රජය ඉන්දියාව සමඟ කිසිදු තරහක් නැහැ. කිසිදු රටත් සමඟ තරහ නැහැ. ලෝකයේ කණ්ඩායම් සැදී තිබෙනවා. සුහද විදේශ ප්‍රතිපත්තියක් තුළින් රට ඉදිරියට ගෙන යාමයි කළ යුත්තේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya