මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රටේ නීතිය රජ කළ යුතුයි- ආණ්ඩුව කිසිවිටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇතිකරන්න ඉඩ දෙන්නේ නෑ

    ජනවාරි 26, 2016

    අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්නට ඕන. මේ රටේ නීතිය රජ කළ යුතුයි. මේ ආණ්ඩුව කිසිවිටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇතිකරන්න ඉඩ දෙන්නේ නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    වැඩිදුරටත් අඳහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා, අධිකරණය ශක්තිමත් කළ යුතුයි. අපේ අධිකරණය අපි නැතිකර ගන්නේ නෑ.මේ රටේ නීතිය රජ කළ යුතුයි. කාටවත් නීතියෙන් පැනලා යන්න බෑ. උසාවියට ගරු කරන්න ඕන.අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්නට ඕන.

     

    අද අවාසනාවන්ත සිද්ධියක් වුණා. අද කණ්ඩායමක් ගිහින් උසාවිය ඉස්සරහට ඇවිත් උද්ඝෝෂණය කළා. මම පොලීසියට කිව්වා, සම්පූර්ණ වාර්තාවක් මල්වත්තේ මහනායක හිමියන්ටත්, කෝට්ටේ මහනායක හිමියන්ටත් යවන්න කියලා. නීතිය නීතියමයි. අපි හැමෝම නීතියට යටත් විය යුතුයි. බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි මේවා දකිනකොට. අපිට විනය පිටකයක් තිබෙනවා.නීතිය තියාගන්න ඕන.මේ ආණ්ඩුව කිසිවිටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇතිකරන්න ඉඩ දෙන්නේ නෑ.

     

    දැන් ලෝකය එකතුවෙලා යන්නේ. ජනතාව ජන වරමක් දුන්නා. ප්‍රතිගාමී වැඩපිළිවෙල නිසා අපි ලෝකයේ හිර වී සිටියා.දැන් ලෝකය අපි පිළිගන්නවා. අපිට එන්න කියන්නේ පිළිගන්න නිසයි. අපි ලෝකයේ කොටසක් බවට පත් වෙලා. විදේශ සේවා කටයුතු ප්‍රතිසංවිධානය කළ යුතුයි.අපි මේ රටේ ස්වාධිපත්‍ය නැති කරන්නේ නෑ.අපි කිව්වේ නෑ, ජිනීවාවලට ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝණය කරන්න කියලා.මේ රටේ අධිකරණ ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕන යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya