මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම හොඳම ක්‍රමයයි-විදේශ කටයුතු අමාත්‍ය

    ජනවාරි 26, 2016

    ශ්‍රී ලංකාව දියුණුවන වෙළඳපොළක්.අපේ සෘජු විදේශ ආයෝජන විවිධාංගීකරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවට තිබෙන සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම හොඳම ක්‍රමය යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසීය.

     

    ප්‍රතිපත්ති ප්‍රකශයේ පැහැදිළිව ප්‍රකාශ කර තිබෙනවා, ආයෝජනය පිළිබඳව. 2020 දී ඒ ඉලක්කවලට යන්න පුළුවන්.අප ආයෝජනයන් වැඩි කළ යුතුයි.ආයෝජන අවස්ථාවලදී අප සිටින්නේ කලාපයේ අනෙක් රටවලට පහළින්.ආයෝජන විවිධාංගීකරණය මඟින් අපගේ ඉලක්ක ලබාගන්නට හැකියි.

     

    පසුගිය ආණ්ඩුව ආර්ථිකය විශාල අර්බුධයකට ලක් කළා.2009 සිට 2014 විරැකියාව ගත් විට අලුත් රැකියා අවස්ථා ඇති වී නෑ.යුද්ධය අවසන් වුවත් සෘජු ආයෝජන ඉතා අඩු මට්ටමක පවතින්නේ.


    අද ශ්‍රී ලංකාව දියුණුවන වෙළඳපොළක්.එය වැඩි කරන්නට තරඟකාරීත්වය අවශ්‍යයි.බුද්ධිමත්ව වැඩකළ යුතුයි.අභ්‍යන්තර හා බාහිර ප්‍රශ්න තිබෙන අවස්ථාවක ආයෝජන වැඩි කරන්නේ කොහොමද කියා සිතිය යුතුයි.ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි.ඒ නිසා ශ්‍රී ලංකාවට තිබෙන සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම හොඳම ක්‍රමයයි.

     

    අඩු ඵලදායිතාවක් තිබෙන වැවිලි කර්මාන්තයට වඩා ඉහළ නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි.තරඟකාරීත්වය තුළින් රටට රැකියා සහ ආර්ථික සංවර්ධනය ළඟාකර ගත හැකියි.

     

    දැන් ආයෝජකයන් සමඟ සබඳතා වැඩි කර තිබෙනවා. යුරෝපා සංගමයේ තනාපතිතුමා ජී.එස්.පී.ප්ලස් සහනය ලැබෙන බවට ප්‍රකාශ කර තිබුනා. එමඟින් නැවත දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇති වෙනවා.

     

    පසුගිය පසර පහක දූෂිත කාලය තුළ ආයෝජකයන් ගෙන්වා ගැනීමට නොහැකි වුණා.පසුගිය කාලයේ සිදු කළ ගිවිසුම් ගැන ආපසු බැලිය යුතුයි.අපේ සෘජු විදේශ ආයෝජන විවිධංගීකරණය කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya