මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නූතන ලෝකයේ පාරිසරික ගැටළුවලට බෞද්ධ දර්ශනයෙන් දෙන විසදුම් පිළිබද සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජනවාරි 26, 2016

    සදහම් සෙවන සේවා ලංකා පදනම මගින් සංවිධානය කෙරුණු සාකල්ප සංවර්ධන පිළිබද සමුළුව ජනාධිපති   මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

    මෙම සමුළුවේදී විශේෂයෙන් අවධානය යොමු කෙරුණේ නුතන ලෝකය මුහුණ පා සිටින බරපතළ සමාජ සහ පාරිසරික ගැටළුව සදහා බෞද්ධ දර්ශනයෙන් එළැඹිය හැකි විසදුම් පිළිබදවය.

    අල්පේච්ජතාවය පදනම් කරගත් බෞද්ධ දර්ශනයට අනුගතවීම නූතන ලෝකය මුහුණ පා සිටින බරපතල පාරිසරික හා සමාජ ගැටළු සදහා විසදුම් බවත්. අතීත ආසියානු වැසියාට පරිසරය ආශිර්වාදයක් වුවා මිස, කිසි දිනෙක තර්ජනයක් නොවු බව ද මෙහිදී පැවසිනි.

    මෙම අවස්ථාවේ ඉන්දියානු ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් පුජ්‍ය ලාමා ලොබ්සන් හිමියන් විසින් බුදුරාජණන් වහන්සේගේ සිතුවමක් සහ බුද්ධගයාවේ අනුරුවක් ගරු ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    මෙම සමුළුවට රටවල් තිහක් නියෝජන වන පරිදි ස්වාමීන් වහන්සේලා වැඩම කර සිටි අතර ඉන්දියානු ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් පුජ්‍ය ලාමා ලොබ්සන් හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ඒ.ටී. ආරියරත්න මහතා ඇතුළු විද්වත් පිරිසක් ද එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya