මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'ක්‍රීඩාශීලී රටක්, නිරෝගිමත් අනාගතයක්''වෙනුවෙන් ජනපති එක්වෙයි

    ජනවාරි 25, 2016

    ''ක්‍රීඩාශීලී රටක්, නිරෝගිමත් අනාගතයක්'' පෙරදැරිව ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ සතිය ජනවාරි 25 සිට ආරම්භ වූ අතර සමාරම්භක වැඩසටහනට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  සහභාගී විය.

     

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර උදැසන ඇරඹි ශරීර සුවතා වැඩසටහන ඉතාමත් උද්යෝගයෙන් සහ ජවසම්පන්න ලෙස පැවැත්විණි.

     

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව යෝජනා කළ ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් විශේෂ සතියක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ජනවාරි 25 දින සිට 30 දින දක්වා නම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

     

    health walk

     

     

     

    heath walks2

     

     

     

     

    heath waolk

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya