අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුන් සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සුදානම්-අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    නොවැම්බර් 28, 2015

    වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සුදානම් බවත් එම නිසාවෙන් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ හයවන දින විවාදය අතරතුර ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේය.


    ඊයේ(27දා) අන්තර් විශ්ව විද්‍යාල බල මන්ඩලය පෙළපාළියක් පැමිණි බවත් එම පෙලපාලියේ පැමිණි අයට තමන් පාර්ලිමේන්තුවේ සිටින බවත් සාකච්ඡා කිරිමට පැමිණෙන ලෙස ඔවුන්ට පණිවිඩයක් යැවු බවත් කී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, තමන් පස්වරු 6.30 වනතුරු පාර්ලිමේන්තුවේ රැදි සිටියත් ඔවුන් නොපැමිණි බවත්  කියා සිටියේය.

     

    ඕනෑම අවස්ථාවක අපි සුදානම් සිසුන් එක්ක කථානරන්න.එම රැකවරණය දෙනවා.පෙළපාලී යන්න අවශ්‍ය නැහැ. අණ්ඩුවක් ලෙස ඕනෑම වෙලාවක සාකච්ඡාවකට සූදානම් යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya