මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරනවා

    නොවැම්බර් 28, 2015

    අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසී ය.


    අධ්‍යාපන පරිපාලන සේවයේ ලංකාව පුරා පුරප්පාඩු කොපමණ තිබෙනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 850කට අධික ප්‍රමාණයක් තිබෙනවා. එම පුරප්පාඩු පිරවීම සඳහා මේ වනවිටත් නිර්දේශ සඳහා රාජ්‍ය සේවා කොමිසමට යවා තිබෙනවා. මෙම නිර්දේශ ආව සැනින් පුරප්පාඩු පුරවන්න කටයුතු කරනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya