අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවිතය වින්දනය කරන්නට මාරාන්තික දුම්වැටිය වෙනුවට සුවබර විනෝදාංශයන් වෙත යොමු වීම ඉතා වැදගත්

    මැයි 31, 2015

    ජීවිතය වින්දනය කරන්නට මාරාන්තික දුම්වැටිය වෙනුවට වෙනත් සොඳුරු, සුවබර, අර්ථසම්පන්න විනෝදාංශයන් වෙත යොමු වීම ඉතා වැදගත් බව ලෝක දුම්වැටි විරෝධී දිනය සමරන අද දවසේ විශේෂයෙන් සිහිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක දුම්වැටි විරෝධී දිනය ට පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

     

    අග්‍රාමාත්‍යවරයාගේ දුම්වැටි විරෝධී දින පණිවුඩය:

     

    “දවා හළු වන දුම් වැටියක් සමඟම දැවී යන්නේ ජීවිතයක් සතු දීර්ඝායුෂ ය. ශාරීරික මානසික නිරෝගී සුවය ය. ආර්ථික ශක්තිය ය. දුම්වැටිය දල්වන්නා හෝ දුම උරන්නා පමණක් නොව වටපිටාවේ ජීවත් වෙන සෙසු පුද්ගලයන් ද, සොබාදහම ද ඒ ඉරණමේ පංගුකාරයන් වනු වැළැක්විය නොහැකි ය.

     

    දරුවන් වෙනුවෙන් පොතක් පතක් ගන්නට, ආහාර වේලක් සරිකරන්නට, පවුල වෙනුවෙන් සමාජය වෙනුවෙන් තමා සතු මෙහෙවර ඉටු කරන්නට ශක්තිමත්ව පවත්වා ගත යුතු ශාරීරික, මානසික, ආර්ථික ශක්තිය අප්‍රමාණ දුම්වැටි තොගයක ධූමයක් ව, අළු දූවිල්ලක්ව විනාශ වී යන්නට ඉඩ හැරීම ඛේදවාචකයක් ම නොවන්නේ ද?

     

    පසුගිය රජය මගින් “මතට තිතසංකල්පය හඳුන්වා දුන්න ද, 2006 වසරේ දී මත්පැන් හා දුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට කටයුතු කළ ද එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවුණි. සිගරට් පැකැට්ටුව මත රූපමය අවවාද 80% මුද්‍රණය කිරීම සාර්ථක කරගත හැකි වූයේ ද විශාල අරගලයකින් පසුව ය.

     

     

    දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා දේශපාලන, සමාජමය මැදිහත්වීම අත්‍යවශ්‍ය වුව ද වඩා වැදගත් වනු යේ එහි ආදිනව වටහාගෙන පෞද්ගලිකව තමන් විසින් ම එම ඇබ්බැහියෙන් මිදීමට කටයුතු කිරීම යි. විශේෂයෙන්ම අප ළමා පරපුර දුම්වැටියෙන් ගළවා ගැනීම යි. පවුල, පාසල, පන්සල පල්ලිය මෙන් ම, සමාජ සංස්ථා ද, සියලූම මාධ්‍යයන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු ය.

     

    ජීවිතය වින්දනය කරන්නට මාරාන්තික දුම්වැටිය වෙනුවට වෙනත් සොඳුරු, සුවබර, අර්ථසම්පන්න විනෝදාංශයන් වෙත යොමු වීම ඉතා වැදගත් බව ලෝක දුම්වැටි විරෝධී දිනය සමරන අද දවසේ විශේෂයෙන් සිහිපත් කරමි. “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya