අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට කටාර් රාජ්‍යයේ සහාය

    මාර්තු 25, 2015
    උතුරු නැගෙනහිර පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා සහාය දැක්වීමට කටාර් රාජ්‍ය සිය කැමැත්ත පළ කරයි. එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට එරට අමාත්‍ය නියෝජිත පිරිසක් නුදුරේ දී ම ශී‍්‍ර ලංකාවට එවන බව කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂික් තම්මි බින් හාමඩ් අල් තානි මහතා පැවසීය.
     
    නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි කටාර් එමීර්වරයා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.
     
    තම ශ‍්‍රී ලංකා නිල සංචාරය කෙටි සංචාරයක් වුවත් එය ඉතා වැදගත් සංචාරයක් බවත් ප්‍රකාශ කළ එමීර්වරයා වෙත ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා ඉහළ නංවන ලෙස මෙහිදී ජනාධිපතිතුමා කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටියේය. කටාර් රාජ්‍යය ද ඒ සඳහා මහත් උනන්දුවකින් පසුවන බව පැවසූ කටාර් එමීර්වරයා ඊට අවශ්‍ය ක‍්‍රමවේදය ඉදිරියේ දී ශක්තිමත් කරන බව පැවසීය.
     
    ශී‍්‍ර ලංකාවේ ගෑස් සහ තෙල් ගවේෂණ කටයුතු සඳහා ද මෙහිදී කටාර් රාජ්‍යය සිය කැමැත්ත පළ කර සිටි අතර මන්නාරම් ප‍්‍රදේශයේ එම කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නියෝජිත පිරිසක් ඉදිරියේ දී ශී‍්‍ර ලංකාවට එවන බවද පැවසීය.
     
    දෙරට අතර සංචාරක ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය පුළුල් කර ගැනීම පිළිබඳ ව ද මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළ අතර සාකච්ඡා වූහ. 
     
    ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් එක්ලක්ෂ විසි පන්දහසක් පමණ මේ වන විට කටාර් රාජ්‍යයේ සේවය කරන අතර ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නංවන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya