මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පිළිගන්න චීනය සූදානමින්

    මාර්තු 25, 2015
    චීන මහජන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ ආරාධනාවක් අනුව අද (25) සිවු දින චීන නිල සංචාරය අරඹන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස පිළිගැනීමට චීන ගුවන් තොටුපළේ අභිමානවත් උත්සවයක් සූදානම් කර ඇත.
     
    චීනයේ බීජිං නුවර දී හෙට (26) චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධාත්වයෙන් චීන මහජන ශා‍ලාවේ දී පැවැත්වෙන රාජ්‍ය උත්සවයට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක් වෙයි . එසේම එහිදී දෙරටේ නායකයන් විසින් ශ්‍රි ලංකාවට ඉතා වැදගත් ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය .
     
    අනතුරුව චින ජනාධිපතිවරයාගේ විශේෂ හමුවකට සහ දිවා භෝජන සංග්‍රහයකටත් ජනාධිපතිවරයා එක් වෙයි.
     
    චීන ජාතික මහා කොංග්‍රසයේ ස්ථාවර කමිටු‍ සභාපති ෂහන්ඩ් රජීන්ඩ් (zhand rajirnd)මහතා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත ජනාධිපතිවරයා චීන අගමැති Li Keqiang මහතා සහ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වීමට ද නියමිතය.
     
    විදේශ ඇමැති මංගල සමරවීර එම අමාත්‍යාංයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර , ජනාධිපති ලේකම් පී.බී අ‍බේකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරින් 20දෙනෙකුට අඩු පිරිසක් මෙම සංචාරය සඳහා එක් වෙති .
     
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු නිරත වන තෙවන නිල විදේශ සංචාරය මෙය වේ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya