අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා පරිමාණ ව්‍යාපෘති ගැන යළි සොයා බැලීමක් Featured

    ජනවාරි 26, 2015
    ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලවකවානුවේ සිදු කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීම පිළිබඳව යළි විමසා බැලීමට රජයේ අවධානය යොමුව පවතී.
     
    සහනදායි ණය යටතේ ක්‍රියාත්මක වන මහා පරිමාණයේ ව්‍යාපෘති හැර  වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මෙන් ම අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව අවධානය යොමු කිරීමට තීරණය වී තිබේ.
     
    මේ සම්බන්ධව නව රජයේ ප්‍රථම අමාත්‍යමණ්ඩලය වෙත ද යෝජනාවක් පසුගිය දින ඉදිරිපත් වී තිබූ අතර  මහාපරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී  පවතින පාරිසරික  තත්වය සම්බන්ධයෙන් වූ බලපෑම තක්සේරු කිරීම  මෙන් ම එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ නීතිය අනුගමනය කළ යුතු මූලික පියවර ගෙන තිබේ ද යන  කාරණා කෙරෙහි අවධානය යොමු කෙරේ.
     
    ''ඕනෑම මහාපරිමාණ ව්‍යාපෘතියක් සඳහා පාරිසරික බලපෑම් අධ්‍යයනය හා ශක්‍යතා වාර්තා සාධනීයව තිබිය යුතුයි''  මැතිවරණය ආසන්නයේ දී  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා පවසා තිබුණි.
     
    මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද තීරණය වී තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා සහ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
     
    ඇතැම්  මහාපරිමාණ  ව්‍යාපෘති සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා මෙන් ම ඒවා පිටුපස සිටින පුද්ගලයන්  හෙළි කරගැනිම ද මෙම කමිටුවේ අරමුණ වී තිබේ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya