අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථානයට Featured

    ජනවාරි 26, 2015

    බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙස මාරුකර තිබෙන අතර උතුරු පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

    සබරගමුව පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

     

    මේ අතර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා නව ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්වන තෙක් ඌව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇත.

     

    දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා සබරගමු පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

     

    මීට අමතරව යාපනය දිස්ත‍්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා පොලිස් මූලස්ථානය වෙත මාරු කර ඇත.

     

    සේවා අවශ්‍යතාවය මත මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතාගේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි සඳහන්ය.

     

    මේ අතර හිටපු වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. එල්. කීර්තිසිංහ මහතා නැවත සේවයේ වැඩ භාරගනු ලැබීය.

     

    පසුගිය ජනාධිපතිවරණ සමයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමඟ ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් වදුරඹ පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ මහතා පසුගිය දෙසැම්බර් 22වන දින සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya