අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත වරක් රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා

    නොවැම්බර් 21, 2014

    දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා වරාය, ප්‍රවාහන කටයුතු ජනසතු කිරීමේ කටයුතු සිදු කළ බවත් ඒ සියලු දේට විරුද්ධ ව කටයුතු කිරීමට ඇතැමුන් ක්‍රියා කළ බවත් මෙහිදී පෙන්වාදුන් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කොට රට සංවර්ධනය කරමින් යන මේ අවස්ථාවේ අතීතයේ දී මෙන් ම යළිත් වරක් රට අස්ථාවර කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රස්තවාදය නිමා කරමින් කොළඹ පැල්පත් ඉවත් කරමින් පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ලබාදෙමින්, රෝහල්, අධ්‍යාපන මෙන් ම සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සංවර්ධනය කරමින් පවතින බවත් පෙන්වා දුන්නේය.

     

    දේශපාලන ස්ථාවරය අනුව පුද්ගලයෙකු විසින් තීන්දු ගන්නා බවත් ඉදිරියේ මෙන් ම අතීතයේ දී ද එවන් සිදුවීම් සිදු වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ ව මාධ්‍යවේදීහු ප්‍රශ්න නැඟූහ.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතු වී නැවත වරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණවීමට තීරණය කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya