අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ හිටපු උප අගමැති හා බොවාවෝ සමුළුවේ සභාපති අගමැති හමුවේ Featured

    නොවැම්බර් 21, 2014

    චීනයේ හිටපු උප අග්‍රාමාත්‍ය සහ චීනයේ බොවාවෝ සමුළුවේ සභාපති ෂෙන්ග් පියෑන් මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා අද (21) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමු වූහ.

    මෙහිදී ෂෙන්ග් පියෑන් මහතා අමතමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, “චීනය සමග අපේ ඇති මිත්‍රත්වය ඉතා දිගු කලක සිට පැවත එන්නක්. වෙළඳාම සඳහා සේද මාවත දිගේ  චීන ජාතිකයන් මෙහි පැමිණියේ ඉතා දිගු කාලයක සිට.  මම මතක් කරන්න කැමතියි බොවාවෝ සමුළුවට අයත් වන රටවල් 28ක් තියෙනවා.  ඒවා සියල්ලක්ම අග්නිදිග ආසියාතික රටවල්.  අපි සියලුදෙනාම නැවත එකතු වී සේද මාවත නැවත පටන් ගත යුතුයි.

     

    එවකට අපේ රටේ සිටි අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමග මම චීනයට ගියා. මාඕ සේතුං මැතිතුමා මුණ ගැසීමට අපට අවස්ථාව ලැබුණා.  එහිදී අප ගිවිසුම් රැසකට අත්සන් කළා.  ඒ වගේම අපට තිළිණයක් වශයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ලබා දීමට චීනය කටයුතු කළා.

     

    චීනයේ නව ජනාධිපතිතුමා, ළඟදී ශ්‍රී ලංකාවට පැමිණියා.  එම අවස්ථාවේ දී චීනයත්, ශ්‍රී ලංකාවත් අතර ගිවිසුම් ගණනාවක් අත්සන් කළා.  ඒ වගේ අපේ රටේ සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් චීනය දායකත්වය ලබා දී තිබෙනවා.  ඒ සම්බන්ධයෙන් චීනයට අපේ ස්තුතිය පිරිනමනවා.” යැයි පැවසීය.

     

    මෙහිදී ෂෙන්ග් පියෑන් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ, “ශ්‍රී ලංකාව බොහෝම සුන්දර රටක්.  ත්‍රස්තවාදය නිමා කිරීමෙන් අනතුරුව, ලංකාව ශීඝ්‍ර සංවර්ධන මාවතකට පිවිස තිබෙනවා.  ඒ පිළිබඳව අපගේ සන්තෝෂය ප්‍රකාශ කරනවා.  ඒ වගේම ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ක්‍රියාවලියකට පූර්ණ සහයෝගය ලබා දීමටත් අපි ඉදිරියේදීත් කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.” යැයි ද ඉදිරියේ පැවැත්වෙන බොවාවෝ සමුළුවට අගමැතිතුමාට ආරාධනා කරන බවත්ය.

     

    මෙම අවස්ථාවට චීනයේ තානාපති වූ ජියැන්හාඕ, බොවාවෝ සමුළුවේ මහ ලේකම් ෂුවො වෙන්ස්හෝන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්.කේ. මහානාම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

     

    SDF

    Prime Minister meets Chinese Delegation

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya