මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර සම්මාන ප්‍රදානය හෙට

    නොවැම්බර් 20, 2014
    ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව විසින් පවත්වනු ලබන 2014 බස්නාහිර පළාත් ඉදිකිරීම් සම්මාන ප්‍රදානෝත්සවය  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) පස්වරු 6.30ට කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
     
    මෙහිදී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාවේ සාමාජිකත්වය හිමි ඉදිකිරීම් ශිල්පීන් අතරින් තෝරාගත් විශිෂ්ට ඉදිකිරීම් ශිල්පීන් සම්මානයට පාත්‍ර වේ. 
     
    මෙවර ඉදිකිරීම් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ 7 වන වරටය.
     
    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශයේ ලේකම් පී. එච්. එල්. විමලසිරි පෙරේරා, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එස්.පී. ලියනආරච්චි,  එහි ලේකම් රංජි හේවගේ,  එහි බස්නාහිර පළාත් සංගමයේ සභාපති පන්තක දාබරේ යන මහත්වරු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, ශිල්පීන්, කොන්ත්‍රාත්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya