මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට ශ්‍රීලනිප අනුමැතිය

    නොවැම්බර් 20, 2014

    ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමි ව තිබේ.


    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ (19) රාත්‍රියේ රැස්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගත් බවයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට අදාළ යෝජනාව ඉදිරිපත් වී තිබේ.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ යෝජනාව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ඒකමතිකව අනුමත විය.

    ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබේ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya