මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 30කින් ආපස්සට ගිය රට යළි ගොඩනැඟුවේ ජනාධිපතිතුමා Featured

    නොවැම්බර් 20, 2014
    අතීතයේ දී ජනාධිපතිවරු 05දෙනෙකුට කළ නොහැකි වූ දේවල් වත්මන් ජනාධිපතිතුමා සිදු කොට ඇති බවත් වසර 30කින් ආපස්සට ගිය රට යළි ගොඩනගා ඇති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    "අතීතයේ දී සංවර්ධනය යන්න හීනයක් ව පැවතියා. සංවර්ධනය අපි දුටුවේ රූපවාහිනියෙන්. නමුත් වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දැවැන්ත සංවර්ධනයක් රට තුළ සිදු කොට තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද දැවැන්ත වැඩ කොටසක් සිදු කොට ඇත. 32%ක් ව පැවති දුප්පත්කම මේ වන විට 6.8%ක් දක්වා අඩු වී ඇත. සේවා නියුක්තිය ද 4%ක් දක්වා අඩු වී ඇත". 
     
    ත්‍රස්තවාදය පැවැති සමයේ දී එරික් සෝල් හයිම් සාම දූතයන් මෙන් පෙනී සිටිමින් රටට අති විශාල විනාශයක් සිදු කළ බවත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේ දී ඔවුන් විසින් එල්ටීටීඊ සංවිධානය සඳහා මුදල් හා අවිආයුධ ලබාදීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මෙලෙස මුදල් හා අවි ආයුධ ලබාදීම හරහා 360ක් වූ එල්ටීටීඊ සංවිධානය මාස 06ක් තුළ පිරිස 6000ක් දක්වා වර්ධනය කරගත් බවත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එරික් සෝල් හයිම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සෝල් හයිම් ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කොට තිබෙන බව පවසමින් මෙහිදි මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදෙමිනි.
     
    සෝල් හයිම්ගේ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොවන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා අපේ රටට මහ විනාශයක් සිදු කළ පුද්ගලයෙක් බවත් වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya