මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය පිළිබඳ දැනුම්දීම අද

    නොවැම්බර් 20, 2014
    ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිල නිවේදනය අද (20) ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වී වසර 04 සම්පූර්ණ වූයේ ඊයේ (19) දිනට බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මැතිවරණය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරු ව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් යැයි ද පෙන්වා දුන්නේය. 
     
    පසුගිය දිනවලදී කැබිනට් අමාත්‍යවරුන් විසින් ඊයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවට විවිධ ප්‍රකාශයන් නිකුත් කළ බව මාධ්‍යවේදීන් විසින් ප්‍රකාශ කළ අතර ඊයේ දිනයේ දී එවැන්නක් ප්‍රකාශ කිරීමට කාලයක් නොවුනේ වසර 04 සම්පූර්ණ වූයේ මධ්‍යම රාත්‍රියේ බැවිනුත් එම අවස්ථාවේ දී එවන්නක් ප්‍රකාශ කිරීමේ වැදගත්කමක් නොවන බැවිනුත් බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.
     
    මෙහිදී මාධ්‍යවේදීන් විසින් පොදු අපේක්ෂයා වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන බවට මෙන් ම ඒ මහතා පක්ෂයෙන් ඉවත් වන බවට විවිධ මතයන් පවතින බව පෙන්වා දුනි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවැනි කටකතා පැවතියක් පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඒ සියලු ප්‍රචාරයන් පිළිබඳ ව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ බවත් එම කටකතාවල කිසිදු සත්‍යතාවක් නොවන බව ද පැවසීය.
     
     DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya