මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික යාත්‍රා මහජන ප්‍රදර්ශනය

    නොවැම්බර් 20, 2014
    ගාලු කථිකාවත (Galle Dialog -2014) අන්තර්ජාතික සමුද්‍රික සම්මන්ත්‍රණයට සහ දෙසැම්බර් 09 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදා 64 වැනි සංවත්සරයට සමගාමී ව ගාලු වරායේ නාවික යාත්‍රා මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට නියමිත ව ඇත. 
     
    ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් "ලංකා නාවික නෞකා සමුදුර ", "ජයසාගර ","A 543 මගී නෞකාව " වැනි නාවික හමුදාව සතු විශාල යාත්‍රා සහ ක්‍රියාන්විත සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි බලය අඩපණ කිරීමට උපයෝගී කරගත් අධිවේග ඩෝරා ප්‍රහාරක යාත්‍රාවක් මෙලෙස මහජන ප්‍රදර්ශනය විවෘත වනු ඇත.
     
    නාවික නෞකාවක ක්‍රියා පිළිවෙත, නාවික රාජකාරී ස්වභාවය, යාත්‍රා අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියා පිළිවෙත් ආදිය සියසින් දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාව ජනතාවට මෙහිදී උදාවනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya