මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන්

    නොවැම්බර් 20, 2014

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අඟහරුවාදා (18) පවත්වන ලද කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) ආර්.එස්. හපුගස්වත්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 264.85කි. එය පසුගිය ඔක්තෝබර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 280.80ක් විය.

    ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 260.40ක් වූ අතර එය පසුගිය ඔක්තෝබර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 276.67ක් විය.

    ආර්.එස්.එස්. 04 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 253.00ක් වූ අතර එය පසුගිය ඔක්තෝබර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 256.00ක් විය.

    ආර්.එස්.එස්. 03 සහ ආර්.එස්.එස්. 05 වර්ග එදින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුන බව ද සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.

    කොළඹ රබර් වෙන්දේසිය අද (20) දින ද පැවැත්වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya