මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල වැටුප් විෂමතා ඉවත් කෙරේ Featured

    නොවැම්බර් 20, 2014
    විශ්වවිද්‍යාල අනධ්‍යයන පරිපාලන නොවන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කොට නියමිත දීමනාව ලබාදීමට ලබන මස සිට කටයුතු කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ ඊයේ (19) අමාත්‍යංශ නිලධාරින් සමඟ පැවති රැස්වීමක් අමතමිනි.
     
    2004.01.01 දින සිට 2004.12.31 දින දක්වා ගෙවීමට තිබූ මෙම හිඟ මුදල ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත ජාතික අය - වැය දෙපාර්තමේන්තුව එකඟතාව පළ කොට තිබේ. 
     
    ඊට අදාළ කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී තිබේ. ඒ අනුව රුපියල් මිලියන 94ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලැබෙනු ඇත.
     
    විවිධ අවස්ථාවන්හි මේ සම්බන්ධ ව වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් ගැනීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ක‍්‍රියාත්මක වූ අතර එම ගැටලුව දෙසැම්බර් මාසයේ සිට නිමවනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya