මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ප්‍රදීපාලෝක" පදනමින් ජනපතිට සෙත් පතා ආශිර්වාද පහන් පූජාවක්

    නොවැම්බර් 19, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජනපතිට සෙත් පතා ආශිර්වාද පහන් පූජාවක් ඊයේ (18) පස්වරු 6.00ට නැගෙනහිර කොළඹ තිඹිරිගස්යාය අශෝකාරාම පරිශ්‍රයේ දී ප්‍රදීපාලෝක පදනම නිර්මාතෘ, නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    ප්‍රදීපාලෝක පදනම මඟින් සංවිධානය කළ මෙම ආශිර්වාද පූජාවට තිඹිරිගස්යාය අශෝකාරාමාධිපති පූජ්‍ය ගැටහැත්තේ සෝභිත හිමි, කොළඹ කිරුළපන ශ්‍රී පුෂ්පාරාමාධිකාරී ලුම්බිණි මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති පූජ්‍ය දිවිතුරේ සමන්ත හිමි ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ශිරෝමනී කරුණාරත්න මහත්මිය, ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් දයා ගාල්ලගේ මහත්මිය ඇතුළු බැතිමත්හු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    Pahan Pooja1Pahan Pooja2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya