මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේ දීත් Featured

    නොවැම්බර් 20, 2014

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කොටස්වල පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී ද බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (20) දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.


    කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මඩකළපුවට ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     
    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    ඊයේ පස්වරු 5.30 වන විට මි.මී. 18.8ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 8.4ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 41.0ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 13.8ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 31.5ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 12.9ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මි.මී. 17.0ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද  මි.මී. 61.3ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 19.4ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 12.8ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 9.7ක වර්ෂාපතනයක්  කටුගස්තොටින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.1°C හම්බන්තොට සහ කටුනායක ප්‍රදේශවලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4°C නුවරඑළියෙන් ද මි.මී. 138.3ක උපරිම වර්ෂාපතනය පුල්මුඩේ යාන්ඔය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya