මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ නාවික බැලඇණිය මන්නාරමේ දී සෞඛ්‍ය සායනයක් පවත්වයි Featured

    නොවැම්බර් 19, 2014
    වයඹ නාවික බලඇණිය විසින් පසුගිය දින මන්නාරම රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ දී සෞඛ්‍ය සායනක් පවත්වන ලදී.
     
    වයඹ නාවික කලාප ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මෙම සායන සංවිධානය කෙරේ.
     
    වයඹ නාවික කලාපයේ අලුතින් නැවත පදිංචි කළ සිවිල් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය හා වෛද්‍ය පහසුකම් ඉහළ දැමීම සඳහා වයඹ නාවික බල ඇණිය රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රජා සංවර්ධන හා සමාජ වගකීම් ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් මෙම සායන පැවැත්විණි.
     
    මන්නාරම දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කළ ගම්මාන වන පූක්කුලම්, කරදක්කුලි සහ මරිච්චිකඩ්ඩි දකුණු ගම්මානවල වැසියන්ට මෙමගින් ප්‍රතිලාභ හිමි වුණි. 
     
    මෙහිදී බෝ වන හා බෝ නොවන, මුඛ සෞඛ්‍ය, ළමා රෝග මෙන් ම මහළු හා කාන්තා සෞඛ්‍ය ගැටලු සඳහා ද ප්‍රතිකාර ලබාදෙන ලදී.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya