මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කෙරිණි Featured

    නොවැම්බර් 18, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මහාභාරකාර දෙපාර්තමේන්තුව එක් ව මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාසික වැටුපක පරිත්‍යාගයෙන් මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කර තිබෙන අතර ආසියානු සංවර්ධන බැංකුව මඟින් රුපියල් මිලියන 100ක ප්‍රදානයක් ආරම්භක ප්‍රාග්ධනයක් ලෙස ලබා දී තිබේ. මීට අමතරව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාසික වැටුප මේ සඳහා එක් කර තිබෙන අතර මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ද මාසික වැටුපක් මෙම ශිෂ්‍යත්ව අරමුදල වෙත ලබාදීමට එකඟත්වය පළ කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සඳහා ශිෂ්‍යාධාර හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් තිබුණ ද ලංකා ඉතිහාසයේ පළමු වරට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්ෂතා දැක්වූ අ.පො.ස උසස් පෙළ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මෙම මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    මෙම ශිෂ්‍යත්ව අරමුදල ක්‍රියාත්මක කිරීම සහ පාලනය කිරීමේ වගකීම මහාභාරකාර දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරේ. නව තාක්ෂණවේදී විෂය ධාරාව හදාරණ සිසුන් අතුරින් තෝරා ගනු ලබන ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් සඳහා මාසික මූල්‍යාධාර ලබාදීම මෙම ශිෂ්‍යත්ව අරමුදල තුළින් සිදු වේ.

    මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල වර්ධනය කර ගැනීමට දෙස් විදෙස්  ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි බව ද බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

    ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් වන ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, අතාවුද සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම් කාන්ති පෙරේරා, නැගෙනහිර කොළඹ ශ්‍රී.ල.නි.ප. සංවිධායක, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya