මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි Featured

    නොවැම්බර් 19, 2014

    අද (19) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බොහෝ ප්‍රදේශවල අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මඩකළපුවට ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     
    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    කටුනායක, රත්නපුර සහ මත්තලින් මීදුම් සහිත තත්ත්වයක් අද උදෑසන වන විට වාර්තා වී තිබේ.


    අද උදෑසන 5.30 වන විට මි.මී. 3.9ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 7.1ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 19.0ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 10.6ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 46.7ක වර්ෂාපතනයක් යාපනයෙන් ද මි.මී. 40.7ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 12.1ක වර්ෂාපතනයක් මන්නාරම හා පුත්තලමෙන් ද මි.මී. 29.8ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද  මි.මී. 9.3ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 28.1ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 4.7ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 12.0ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.°C කොළඹ, මන්නාරම සහ රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.8°C කොළඹ ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4°C නුවරඑළියෙන් ද මි.මී. 77.9ක උපරිම වර්ෂාපතනය යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya