මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධුමාධව හෙළ උරුමයෙන් ඉවත් වී ශ්‍රීලනිපය සමඟ එක්වන බව පවසයි

    නොවැම්බර් 18, 2014

    ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ධූරය හා මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ඇතුළු සියලු බැඳීම් අත්හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට තීරණය කළ බව ප්‍රවීණ ගායක මධුමාධව අරවින්ද මහතා පැවසීය.

    බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතන ශ්‍රවණාගාරයේ අද (18) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා එසේ ප්‍රකාශ කෙළේය.

     

    පිවිතුරු හෙටක් සංවිධානය හැදුවම අපි ඇහුවා මොකටද එවැනි සංවිධානයක් හැදුවේ කියලා. ඒ මොහොතේ උන්වහන්සේ කිව්වේ වස විස ගැන, කෘෂිකර්මය ගැන කතා කරන්න කියලා. නමුත් මට හිතුණා උන්වහන්සේ මේ යන්න හදන්නේ වෙන ගමනක් කියලා. අද වෙන කොට ඒ දේ ඔප්පු වෙමින් තිබෙනවා. උන්වහන්සේ යන්නේ ‍වෙන දේශපාලන ගමනක් බවත් පාඨලී චම්පික රණවක හා උදය ගම්මන්පිල මහත්වරුන් ද ඉදිරියේදි රජය සමග යළි එක් වී කටයුතු කරනු ඇති බව ද මාධුමාධව අරවින්ද මහතා විශ්වාසය පළ කෙළේය.

     

    ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි ජාතික හෙළ උරුමය වෙනත් දිශාවකට ගෙන යෑමට අතුරලියේ රතන හිමියන් ගන්නා උත්සාහය ගැන කලකිරී තමන් හෙළ උරුමයෙන් ඉවත් වන බව පක්ෂයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතාට දැනුම් දුන් බව එම මාධ්‍ය හමුවේ දී ඔහු පැවසීය.

     

    ජාතික හෙළ උරුමය යනු තනි ව ගමන් කර කිසිදා ජනාධිපතිවරයකු බිහිකළ හැකි පක්ෂයක් නො වේ. ඔවුන් කළ යුත්තේ රජය තුළ සිටිමින් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකර දීමට සටන් කිරීමයි. හෙළ උරුමය පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයින් 32ක් සිටින අතර ඉන් බහුතරයක් පක්ෂය අතහැර තමන් සමඟ එක්වීමට කැමැත්ත පළකර ඇති බව ද ඔහු කීය.

     

    පිවිතුරු හෙටක් ගැන කියන රතන හිමියන් සැබෑ ලෙස පිවිතුරු දේ කරන්නේ දැයි ගම්පහ දිස්ත්‍රික් ජනතාව දන්නා බවත් උන්වහන්සේ විසින් මේ වන විට පාඨලී චම්පික රණවක හා උදය ගම්මන්පිල මහත්වරුන්ගේ අනාගතය පාරට ඇද දමා ඔවුන් දේශපාලනික වශයෙන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නියැළී ඇතැයි පැවසීය. අතුරලියේ රතන හිමියන් පක්ෂය තුළ ගෙන ගිය වැරදි ක්‍රියා මාර්ග හා න්‍යායපත්‍ර නිසා පක්ෂයේ සිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, උගතුන්, බුද්ධිමතුන් රැසක් පක්ෂය අතහැර ගිය බවත් ඉදිරියේදි පක්ෂය තවත් පිරිස් කැඩී යන බව ද ඔහු කීය.


    HC/NK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya