සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජනා මාලාව සම්බන්ධයෙන් සලකා බැලීමේ තීරණයක සිටියා

    නොවැම්බර් 18, 2014
    ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කළ යෝජනා මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වුයේ ගැඹුරින් සලකා බැලීම බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
     
    අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
     
    යම් පක්ෂයකට ඔවුන්ට අවශ්‍ය පරිදි කැමැති තීරණයක් ගැනීමට සාදාචාරාත්මක අයිතියක් පවතින බවත් ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද සම්පූර්ණ යෝජනා මාලාව ම ප්‍රතික්ෂේප කිරීමක් නො වූ බවත් පෙන්වා දුන් ඒ මහතා එම යෝජනා මාලාව තුළ ඉතා වැදගත් යෝජනාවන් තිබූ බවත් පෙන්වා දුන්නේය.
     
    ආණ්ඩුව සමඟ සියලු දෙනා එක් ව සිටීමට කැමැති වූවත් ජාතික හෙළ උරුම ඉවත් වීම  ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya