මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් කොමිසමට ව්‍යාජ සාක්ෂි

    නොවැම්බර් 18, 2014
    ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට සකස් කරමින් පැවැති ව්‍යාජ සාක්ෂි මෙන් ම කූඨ ලේඛන ක්‍රිෂ්ණා රාසා නමැති පුද්ගලයෙකු සතුව තිබියදී සොයා ගත් බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 
     
    එම පුද්ගලයා සතුව තිබී පුද්ගලයන් 400කට අයත් පෞද්ගලික තොරතුරු මෙන් ම ව්‍යාජ ලේඛන වැනි දෑ සොයාගෙන ඇති අතර දෙමළ ජාතික සංධානයේ ප්‍රධානීන් සමඟ ඔහු පැවැත්වූ සාකච්ඡාවන් හි දී ලබාගත් ඡායාරූප හා තානාපති කාර්යාල නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවන් හි දී ලබාගත් ඡායාරූප 30ක් පමණ සොයා ගෙන ඇත.
     
    "ජිනීවා කොමිසම විසින් සාක්ෂි විමසීමේ කටයුතු පසුගිය ඔක්තෝබර් 30දා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බව සිය වෙබ් අඩවිය මගින් නිවේදනය කොට තිබුණා. කොල්වින් නමැති ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශකවරයා සාක්ෂි ලබාගැනීමේ කාලය දීර්ඝ නොකරන නමුත් යම් යම් සාක්ෂි සකස්කිරීමට දීර්ඝ කාලයක් ගත වන බැවින් ඊට පසුව වුව ද ලැබෙන සාක්ෂි පිළිබඳ සලකා බලන බවත් ප්‍රකාශ කොට තිබේ. එසේ නිල වශයෙන් දිනයක් ප්‍රකාශ කොට තිබියදීත් මෙවැනි ප්‍රකාශයක් සිදු කොට ඇත්තේ මෙලෙස ව්‍යාජ සකස් කිරීම පිළිබඳ ව ඔවුන් දැනුවත්ව සිට නිසාය. මෙය නිර්මල විමර්ශනය පිළිවෙතක් නො වේ. යම් හේතුවක් නිසාවෙන් සාක්ෂි ලබාගන්නා කාලය දීර්ඝ කිරීමේ හැකියාව පැවතියා. නමුත් දන්නා පුද්ගලයන්ගෙන් සාක්ෂි ලබාගැනීම පමණක් සිදු කොට තිබෙනවා".
     
    පසුගිය සතියේ දී යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ ප්‍රධාන නියෝජිතවරයා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා මේ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා හෙට ආසියා, අප්‍රිකා, ලතින් ඇමෙරිකාව වැනි රටවල නියෝජිතවරු දැනුවත් කිරීමටත් කටයුතු කරන බවත් පැවසුවේය.
     
    "යුද්ධය අවසන් ව පැවතියත් මුදල් සහ බලය පාවිච්චි කරමින් අපේ රටට විරුද්ධව ගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් පවතිනවා. දරුණු ත්‍රස්තවාදීන් පරාජය කළ අපට මේ සියලු බලවේගයන් පරාජය කිරීම අපහසු කටයුත්තක් නොවෙයි". 
     
    මේ සියලු කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කළ යුතු බවත් එමෙන් ම මේ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්ද? යන්න පිළිබඳ ව ද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya