මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රණ විරු ප්‍රණාම සුහද හමුව ” මිහිඳු සෙත් මැඳුරේ දී

    නොවැම්බර් 18, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා දෙවන පදවි ප්‍රාප්තියේ සිව්වන වර්ෂ පූර්ණය සැමරීම වෙනුවෙන් තෙවන වරටත් සංවිධානය කරනු ලබන “රණ විරු ප්‍රණාම සුහද හමුව” ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ප.ව. 6.30ට බෙල්ලන්විල, අත්තිඩිය, “මිහිඳු සෙත් මැඳුර” හි දී  පැවැත්වේ.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක් ව තෙවන වරටත් මේ මාහැඟි සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරනු ලබයි.
     
    2011 වර්ෂයේ මැයි 30 වන දින “මිහිඳු සෙත් මැඳුර” විවෘත කර තිබේ. මේ ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ අවසාන මානුෂීය මෙහෙයුම පැවති කාලයේ හා  ත්‍රස්තවාදී යුද්ධයේ ආරම්භයේ  සිට අවසානය දක්වා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ (ඉනෙන් හා බෙල්ලෙන් පහළ පණ නැති) රණ විරුවන්ට ජීවිතයේ ඉදිරි කාලය සෙනෙහෙසින්, දයාවෙන් ආධ්‍යාත්මික සුවයෙන් සපිරි නිවසින් පිට නිවහනක් ලබාදීම සඳහාය. ඔවුන්ගේ කායික, මානසික සුවය ලබාදීම හා සහෝදර සෙබළුන් සහ සමාජය සමඟ සහයෝගයෙන්, සහජීවනයෙන්, සමානාත්මතාවයෙන් ගතකිරීමේ පරිසරයක්  නිර්මාණය කිරීමය.
     
    මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ආබාධිත රණ විරුවන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහ සංගීත සන්ධ්‍යාවකට සහභාගීවීමට නියමිතය. ඊට අමතර ව ආබාධිත රණ විරු සෙබළුන් හා ඔවුන්ගේ උපස්ථායක සෙබළුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ද විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එම අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර, එහි  සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරුන්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්  සහභාගී වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya