මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවට එ.ජා. සාම්ප‍්‍රදායික අවි පිළිබඳ සමුළුවේ සභාපතිත්වය

    නොවැම්බර් 18, 2014

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම්ප‍්‍රදායික අවි පිළිබඳ සමුළුවේ 2015 වසරට අදාළ සභාපතිත්වය ශී‍්‍ර ලංකාවට හිමි වී ඇත.


    මීට පෙර මෙම සමුළුවේ සභාපතිත්වය ජිනීවා හි පෝලන්ත නිත්‍ය නියෝජිතවරයා විසින් දරනු ලැබ ඇත.

    එම තනතුර භාර ගනිමින් සමුළුවේ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කර ඇත්තේ සාමය වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ භූමිකාව ශී‍්‍ර ලංකාව අනුමත කරන බවත් මෙහිදී ශී‍්‍ර ලංකාව පිළිබඳ තැබූ විශ්වාසය අගය කරන බවත්ය.

    ශී‍්‍ර ලංකාවේ පැවැති යුදමය වාතාවරණය අවසන් කර අවි තුරන් කිරීම සඳහා ශී‍්‍ර ලංකාව සිදු කරන වැඩපිළිවෙළ මෙමඟින් ඇගයීමට ලක් ව තිබේ.

    ශී‍්‍ර ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ පාර්ශවකරුවෙක් වන අතර සාමය වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදුකරන බවද ආරියසිංහ මහතා පවසා ඇත. එසේ ම එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිවලට අනුකූලව සහ අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව සඳහා ශී‍්‍ර ලංකාව දක්වන කැපවීම ද මෙම සමුළුවේ සභාපතිත්වය ලැබීම තුළින් ගම්‍ය වේ .

    අවි භාවිතය අවම කිරීම සඳහා දැඩි අන්තර්ජාතික අවධානය යොමු වීමේ අවශ්‍යතාව ද රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දී ඇත. දිනපතා ලෝකයේ දසදහස් ගණනක් ජීවිත නිරපරාදේ අවියට ගොදුරු වේ.

    ශී‍්‍ර ලංකාවේ පැවැති යුදමය වතාවරණයත් සමඟ බිම් බෝම්බ ඉවත් කිරීම සහ අවිආයුධ පිළිබඳ ශී‍්‍ර ලංකාවට වැඩි අත්දැකීමක් පවතී. ඒ හරහා පුද්ගලයින්ගේ අත් පා මෙන් ම ජීවිත අහිමි වීම පිළිබඳව ද ආරියසිංහ මහතා මෙම සමුළුවේදී පැහැදිලි කර තිබේ.

    බිම්බෝම්බ ඉවත් කිරීම සහ අවි ආයුධ පිළිබඳ ව ශී‍්‍ර ලංකාව සතු දැනුම බෙදා ගැනීමට හැකි බවත් යුද සමයේ දී එල්.ටී.ටී.ඊ.ය විසින් වළ දැමු බිම් බෝම්බ විශාල ප‍්‍රමාණයක් මේ වන විට ගොඩ ගෙන ඇති බවත් ආරියසිංහ මහතා පැවසීය. විශේෂයෙන් ම මේ හේතුවෙන් පුද්ගල නාශක බිම් බෝම්බ පිළිබඳ ව ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශ සතුව විශේෂ හැකියාවක් සහ දැනුමක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya