මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදාට වඩා මෙවර ජනාධිපතිවරණයේදී සමාජයේ වෙනසක් දක්නට ලැබෙනවා

    නොවැම්බර් 18, 2014
    පසුගිය ජනාධිපතිවරණය පැවතියාට වඩා මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමේ කාලය අනුව සමාජයේ යම් වෙනසක් දක්නට ලැබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පැවසීය.
     
    අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
     
    "2010 වසරේ දී ජනාධිපතිවරණය පවත්වන්නට යෙදුණේ යුද්ධය අවසන් කළ මුල් කාලයේ දී. ඒ වන විට උතුරු නැගෙනහිර ජනතාවගේ සිතේ තිබූ යම් යම් දුර්මතයන් මේ වන විට වෙනසකට ලක් වී තිබෙනවා. එම ප්‍රදේශවල සිදුවන දැවැන්ත සංවර්ධන කටයුතු හේතුවෙන් එම මතයන් තවදුරටත් වෙනස් වෙනවා". 
     
    තුන්වැනි වරටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දක්වන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව පමණක් නො ව පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජනය කරන සියලු මුස්ලිම් පක්ෂ ජනාධිපතිතුමාට සහය දක්වන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya