අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උද්ධමනය තනි ඉලක්කමකට පවත්වාගෙන යාමට හැකි වීම රජය ලැබූ විශාල ජයග්‍රහණයක්

    ඔක්තෝබර් 31, 2014

    උද්ධමනය තනි ඉලක්කමකට පවත්වාගෙන යාමට හැකි වීම රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බවත් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.

    මෙරට ආර්ථික ස්ථාවරත්ව හොඳ මට්ටමක පවතිනවා. ජංගම ගිණුමේ ශේෂය 3%ට වඩා අඩු වී තිබෙනවා. විවිධ අංශ අතර සමතුලිතතාවක් තිබිය යුතුයි. පුද්ගලික අංශයටත් ණය ලබා දී ඔවුන් ආර්ථිකයට දායක කර ගත යුතුයි. අපනයන තරගකාරිත්වය වර්ධනය කළ යුතුයි. අපේ රටේ නම්‍යශීලී ශ්‍රම බලකායක් ඇති කිරීමට ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිදභාවයක් ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අපනයන ආර්ථිකයකට අප යොමු විය යුතුයි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව අපිට ණය ලබා දෙනවා. දකුණු ආසියානු රටවල් යොදා ගත් ක්‍රමවේයන් අපිට යොදා ගන්නට සිදු වෙනවා ආර්ථිකය දියුණු කිරීම සඳහා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීවරුන් 8 දෙනා අයවැය දෙවන කොටස සම්බන්ධයෙන් ඡන්දය දෙනවාද නැද්ද යන්න පිළිබඳ ව අද හවස තීරණයකට එනවා. නාය යාමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ලබා දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ස්තූතිය පුද කරන බවත් ඔහු පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya