අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක්

    ඔක්තෝබර් 31, 2014
    හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද වතු යාය නාය යාමට අදාළ ව  පරීක්ෂණයක් සිදු කොට සම්පූර්ණ වාර්තාවක් සපයන ලෙස නීතිය හා සාමය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පොලිස්පතිවරයා වෙත නියෝග කළ බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    මෙම සිද්ධිය හේතුවෙන් විපතට පත්වූවන්ගේ සියලු වගකීම් රජය විසින් භාරගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දත්තයන්ට අනුව පවුල් 57කට අයත් 300ක ජනතාවක් විපතට පත් වී ඇති බවත් පැවසීය.
     
    "2005 වසරේ දී මෙම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන මෙම ප්‍රදේශවලින් ඉවත් වීමට නියෝග කොට ඇත. ඒ අනුව වතු සේවකයන් වෙත නව නිවාස ලබාදෙමින් එම ස්ථානවලින් ඉවත්කිරීමට දැනුම් දුන්නද ඔවුන් එම ස්ථානවලින් ඉවත් නො වූ බවට වතු සමාගම් විසින් ප්‍රකාශ කරනවා. විපතට පත්වූවන් සමහරක් එම ස්ථාන තමන්ට නුසුදුසු බැවින් නව ස්ථාන වෙත නොගිය බව ප්‍රකාශ කරනවා. තවත් පිරිසක් පවසන්නේ ඔවුන්ට එවැනි ස්ථාන ලබා නොදුන් බවයි. මෙවැනි විවිධ මතයන් මතුවී ඇති බැවින් ජනාධිපතිතුමා මේ පිළිබඳ ව සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කොට තිබෙනවා" යැයි ද පැවසීය.
     
    වත්මන් රජය විසින් වතු ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘති පිළිබඳ ව මෙහිදී තොරතුරු අනාවරණය කළ අමාත්‍යවරයා වතු නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුය යන තීරණයේ රජය පසුවන බවද පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya