අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන්වූ දරුවන්ගේ වගකීම රජයට

    ඔක්තෝබර් 31, 2014
    කොස්ලන්ද මීරියබැද්ද වත්ත නාය යෑම හේතුවෙන් අවතැන් වූ දරුවන්ගේ භාරකාරත්වය කිසිවෙකු වෙත හෝ ලබා නොදෙන බවත් ඔවුන්ගේ සියලු වගකීම් රජය විසින් භාරගන්නා බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    ඊයේ (30) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හදිසියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
     
    මෙම දරුවන්ගේ භාරකාරත්වය භාරගැනීම වෙනුවෙන් විවිධ රටවල්, සංවිධාන, ඥාතීන්, විවිධ පුද්ගලයන් කැමැත්ත ප්‍රකාශ කොට ඇත. නමුත් සුනාමි ව්‍යසනය හේතුවෙන් අවතැන් වූ දරුවන් එසේ ලබාදුන් අතර ඔවුන් වෙත සාධාරණය ඉටු නොවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට රජය තීරණය කොට ඇත.
     
    මෙම දරුවන් වෙත අධ්‍යාපනය ඇතුළු සියලු පහසුකම් ලබාදෙමින් රජය භාරයේ තබාගැනීමට ද තීරණය කොට ඇතැයි ද පෙන්වා දුන් අමාත්‍යවරයා සියලු වගකීම් කිසිදු ආධාරයකින් තොරව ලබාදීමට ද තීරණය කොට ඇතැයි පෙන්වා දුන්නේය.
     
    මෙම සිදුවීම හේතුවෙන් ළමුන් 75දෙනෙකු අවතැන්වී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya