අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපයේ LTTE තහනම ඉවත් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 31, 2014
    යුරෝපයේ පැවැති LTTE තහනම ඉවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිතවත් රටවල් හා සංවිධාන සමඟ එක් ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ 
    පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ සම්බන්ධයෙන් ර‍ජයේ ස්ථාවරය ප්‍රකාශ කොට ඇත.
     
    මේ සම්බන්ධයෙන් පැවැති නඩුවට ශ්‍රී ලංකාව නියෝජනය කරනු නොලැබුවේ ජාත්‍යන්තර නියෝග ශ්‍රී ලංකාවට අදාළ නොවන හා එය පිළිනොගන්නා බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ සහභාගි වූවේ නම් ඔවුන්ගේ තීරණය ශ්‍රී ලංකාව විසින් පිළිගත්තා හා සමාන වන නිසා බවත් පෙන්වා දුන්නේය.
     
    එබැවින් මෙම සිද්ධිය සඳහා ඍජුව සම්බන්ධවීමක් සිදු නොකරන බවත් විවිධ පාර්ශවයන් හා එක් ව ඊට විරුද්ධව ක්‍රියාත්මක වන බවත් කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya