මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි තද වැසි Featured

    ඔක්තෝබර් 31, 2014

    දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද (31) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන්, නැගෙනහිර, දකුණු, උතුරු සහ උතුරු මැද පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක. සමහර ස්ථානවලට මිලී මීටර් 150කට වඩා ඉතා තද වැසි ඇතිවීමටද ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

     

    අනුරාධපුරයට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    කොළඹට ගාල්ලට මඩකළපුවට ත්‍රිකුණාමලයට මන්නාරමට  උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

    යාපනයට උදෑසන වැසි හෝ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය 


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 38.8ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 81.2ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 11.3ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 67.8ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 64.0ක වර්ෂාපතනයක් කටුනායකින් ද  මි.මී. 41.7ක වර්ෂාපතනයක් නුවර එළියෙන් ද මි.මී. 25.0ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 70.9ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 16.8ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද මි.මී. 6.9ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 15.1ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.3°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද මි.මී. 121.4ක උපරිම වර්ෂාපතනය රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya