අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දික්වැව ගම්මානයට සුළි සුළඟකින් හානි

    ඔක්තෝබර් 25, 2014

    පැය දෙකකට අධික කාලයක් පැවති වර්ෂාව සමග හමන ලද සුළි සුළඟක් හේතුවෙන් ඊයේ (24) රාත‍්‍රියේ ඉපළෝගම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රාදේශයට අයත් 500 තුලාන දික්වැව ගම්මානයේ නිවාස එකොළහකට (11) සහ වෙළඳසල් දෙකකට හානි සිදු ව තිබේ.

     
    හානි වූ නිවාස පරීක්‍ෂා කිරීමට අද (25) පෙරවරුවේ එම  ගම්මානයට පැමිණි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා හානි වූ නිවාසවල වහල සකස් කිරීම සඳහා අද දිනය තුළ ඇස්බැස්ටෝස් තහඩු ලබා දීමට කටයුතු කරන ලෙසට ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
     

    මේ අවස්ථාවට ගල්නෑව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සහ විශේෂ ව්‍යාපෘති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රොෂාන් ඉංදික මහතා ඇතුළු ගම්වාසීහු එක්වූහ.
     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya