මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය 2005 සිට ක‍්‍රියාත්මක කළ ආර්ථික ප‍්‍රතිපත්තියක ඉහළ ම ප‍්‍රතිඵලය රටට දුන් අවස්ථාවක් Featured

    ඔක්තෝබර් 25, 2014

    - කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන ලද 2015 අය-වැය යෝජනා පසුගිය 2005 සිට ක‍්‍රියාත්මක කළ ආර්ථික ප‍්‍රතිපත්තියක ඉහළ ම ප‍්‍රතිඵලය රටට ලබා දෙන හොඳ අවස්ථාවක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා අද කොළඹ දී පැවසීය.


    රටේ සංවර්ධනයට විශාල අභියෝගයක් ව තිබූ යුද්ධය 2009 වසරේදී නිම කිරීමත් සමඟ 2009 සිට 2014 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ඉතා හොඳින් කළමනාකරණය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අද ශ‍්‍රී ලංකාව මැදි අදායම් ලබන රටක් බවට පත්ව ඇති බවත් මහාචාර්යවරයා පැවසුවේ අද (25) පස්වරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණු මෙවර අයවැය යෝජනා පිළිබඳව විද්වතුන්, ආර්ථික විද්‍යාඥයන් සහ වෘත්තීය සමිති නායකයින්ගේ අදහස් දැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවක දී ය.


    මෙහිදී අදහස් දක්වමින් මද්දුම බණ්ඩාර මහතා; ආර්ථික විද්‍යාඥයෙක් ලෙස අයවැය ලේඛනයක් පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී වැදගත් වන ප‍්‍රධාන කරුණු තුනක් (03) ඇති බව පැවසීය.

     

    1.    අයවැය ලේඛනයකින් ඉදිරිපත් කරන යෝජනා ක‍්‍රියාත්මක කළ හැකිද යන්න

    2.    සමස්ත ආර්ථික ක‍්‍රියාවලියේ සංවර්ධනය සඳහා වූ යෝජනා එහි ඇතුලත් වනවාද යන්න

    3.    සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති වශයෙන් එම ක‍්‍රියාදාමය තුළින් ආර්ථිකයේ ඇතිවන වෙනස්කම් මොනවාද යන්න


    මෙම සියලු කාරණා විශ්ලේෂණය කර බලන විට 2015 අයවැය ලේඛනය පැහැදිලිව ම රටේ සංවර්ධනය පිළිබඳව ප‍්‍රධාන වශයෙන් කල්පනා කර, සියලුම ආර්ථික ක්ෂේත‍්‍ර පිළිබඳ ව හොඳින් කරුණු අධ්‍යයනය කර සෑම දෙනාට ම සෙතක් සැලසෙන ආකාරයේ යෝජනාවලියක් මෙවර අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කර ඇති බව පැවසීය.


    මෙම අවස්ථාවට සහභාගී වෙමින් කොළඹ විශ්විද්‍යාලයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අදහස් දක්වමින් මෙවර අය-වැය ලේඛනයේ ඇති විශේෂත්වය වන්නේ 2005 වසරේ ආරම්භ කරන ලද සමහර දිගු කාලීන ආර්ථික අරමුණු 2006,2007 යනාදී වශයෙන් 2020 වසර දක්වා කාලසීමාවට ගැළපෙන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම සඳහා ඉදිරිපත් කිරීම බවත්, මේ නිසා 2015 අයවැය මේ අයවැය ක‍්‍රියාදාමයේ එක් පියවරක් බවත් පැවසීය.


    මෙම අය-වැය ක‍්‍රියාදාමය තුළ ලබා ගත් ජයග‍්‍රහණ මේ රටේ හුදු මහජනයා සමග බෙදාහදා ගැනීමට මෙවර අයවැයෙන් මූලික වශයෙන් උත්සාහ කර තිබෙන බවත්, දිගුකාලීන සංවර්ධන අරමුණු ජයග‍්‍රහණය කර ගන්නා අතරතුර ලැබූ ජයග‍්‍රහණවල ප‍්‍රතිඵල මෙරට රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ඇඟලුම් කර්මාන්තය, ස්වයං රැකියාවන්හි නියුතු අය ආදී සියලු ජන කණ්ඩායම් ආවරණය වන පරිදි බෙදා හදා ගැනීමටත්, ඔවුන්ගේ ඉදිරි අනාගතය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට ගත් උත්සාහයක් බවත් පැවසීය.


    ඒ අනුව මෙවර අයවැය හුදෙක් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ හෝ ජනතාවට තාවකාලික සහන ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද්දක් නොව එය රටේ සමස්ත ජනතාවට අභිවෘද්ධිය සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැයක් බවත්, එමගින් අධ්‍යාපනික, කෘෂිකාර්මික, කාර්මික, ආදී සෑම ක්ෂේත‍්‍රයක්ම නියෝජනය වන පරිදි සහන සලසා දී ඇති බවත් මෙහිදී අදහස් දැක්වූ විද්වත්හු පෙන්වා දුන්හ.


    මෙම අවස්ථාවට රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්.එච්.පියදාස, පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ සභාපති ආරියසීල වික‍්‍රමනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


    DM_cmu

    budget 2105 press DGI 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya